අමාත්‍යාංශ වෙනුවෙන් පත් කෙරුණු ලේකම්වරුන් හා ලේකම්වරියන් වෙත පත්වීම් ලබාදීම ඊයේ (19) දිනයේදී සිදුකෙරින.
අමාත්‍යාංශ වෙනුවෙන් පත් කෙරුණු ලේකම්වරුන් හා ලේකම්වරියන් වෙත පත්වීම් ලබාදීම ඊයේ (19) දිනයේදී සිදුකෙරින.
දකුණු පළාත් ආණ්ඩුකාර කුමාරි බාලසූරිය මහත්මිය ධූරයෙන් ඉවත්වී ඇති බව වාර්තාවේ.
නැගෙනහිර පළාත් ආණ්ඩුකාර මොහාන් විජේවික්‍රම මහතාද අද (20) සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තාවේ.
ඉදිරියේදී පැවැත්වීමට නියමිත මහා මැතිවරණයක් වෙනුවෙන් මැතිවරණ මහලේකම් කාර්යාලයේ නිලධාරීන් මේ වන විටත් සූදානමින් පසුවන බව වාර්තාවේ.
ඕනෑම අවස්ථාවක මැතිවරණයක් පැවැත්වීමට තමන් සූදානම් බවත් කෙසේ නමුත් වත්මන් පාර්ලිමේන්තුවේ නිල කාලය තවත් වසරකට වඩා වැඩියෙන් තිබෙන බවත් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.
ආපදා කළමණාකරන හිටපු නියෝජ්‍ය අමාත්‍ය දුලිප් විජේසේකර මහතා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ.
ද්විත්ව පුරවැසිභාවය හිමි කිසිවෙකුට ඉදිරියේදී මෙරට පැවැත්වෙන කිසිදු මැතිවරණයකට තරඟ කිරීමට ඉඩ ලබානොදීමට රජය තීරණය කර ඇති බව වාර්තාවේ.
වයඹ පළාත් ආණ්ඩුකාර තිස්ස ආර් බලල්ල මහතා අද (19) සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තාවේ.
පශ්චාත් මැතිවරණ සමයේ සිදුවන මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳව සොයාබැලීම සඳහා ජනාධිපතිවරයාගේ උපදෙස් මත ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ඩී.එම්.එස් ජයරත්න මහත්මිය පත්කොට ඇති බව වාර්තාවේ.
දිවුලපිටිය ප්‍රාදේශීය සභා සභාපතිවරයාගේ නිවසට කිසියම් පිරිසක් විසින් ගිනිතබා ඇති බව වාර්තාවේ.
ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් හරීන් ප්‍රනාන්දු මහතා අද (14) දිවුරුම් දුන්නේය.
ඊයේ (12) දින පස්වරුවේදී නව කැබිනට් මණ්ඩලය දිවුරුම්දීම ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදුවිය.
නව අමාත්‍ය මණ්ඩලය හා ආණ්ඩුවේ නව මන්ත්‍රීවරු පිළිබඳව දැනුම්දීමක් කල පසු පාර්ලිමේන්තුවේ ආසන පැනවීම සම්බන්ධයෙන් තීරණය කරන බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පවසා ඇත.
නීත්‍යානුකූල දැනුම්දීමක් ලද විගස තමා ආණ්ඩුකාර ධූරයෙන් ඉවත්වීමට සූදානම් බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා පවසා ඇත.
ජනාධිපතිවරණ ඡන්ද විමසීමට දින කිහිපයකට පෙර ඡන්ද පත්‍රිකා පැහැරගැනීමක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවී සිටි ඌව පළාත් ඇමති සෙන්දිල් තොණ්ඩමාන් මහතා අධිකරණයට බාරවී ඇති බව වාර්තාවේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නව කැබිනට් මණ්ඩලය අද (12) දිවුරුම්දීමට නියමිත බව වාර්තාවේ.

© 2024 People’s Action for Free and Fair Elections (Paffrel)
Design by Vishmitha.com