Other News
උතුරු මැද හා දකුණු පළාත් ආණ්ඩුකාරවරුන් ඉල්ලා අස්වෙයි
Other News
දකුණු පළාත් ආණ්ඩුකාර කුමාරි බාලසූරිය මහත්මිය ධූරයෙන් ඉවත්වී ඇති බව වාර්තාවේ.
දකුණු පළාත් ආණ්ඩුකාර කුමාරි බාලසූරිය මහත්මිය ධූරයෙන් ඉවත්වී ඇති බව වාර්තාවේ.
ඒ අනුව ඇය සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමුකොට ඇති අතර 2005 වසරේ සිට මේ දක්වා 10 වසරක කාලයක් ඇය එම ධූරයේ කටයුතු කලාය.
ඇය පසුගිය ආණ්ඩුවේ ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍ය ධූරය දැරූ ආචාර්ය ජගත් බාලසූරිය මහතාගේ බිරිඳ වෙයි.
මේ අතර උතුරු මැද පළාත් ආණ්ඩුකාර ධූරය දැරූ කරුණාරත්න දිවුල්ගනේ මහතාද ඊයේ (19) සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තාවේ.
එම පළාතේ 7 වන ආණ්ඩුකාරවරයා වශයෙන් කටයුතු කල දිවුල්ගනේ මහතා 2006 වසරේ නොවැම්බර් මාසයේ සිට එම ධූරයේ කටයුතු කලේය.