News

කෝප් කමිටුවේ නිර්දේශ පසෙක දැමිය නොහැකියි - කෝප් කමිටු සභාපති සුනිල් හඳුන්නෙත්ති

මාර්තු 12 ව්‍යාපාරය විසින් කෝප් වාර්තාව සහ රාජ්‍ය මුදල් පිළිබඳ මහජන නියෝජිතයාගේ වගකීම මැයෙන් පසුගියදා මහජන සම්මන්ත්‍රණයක් සහ විවෘත සංවාදයක් පැවැත්වින.

""මාර්තු 12 ව්‍යාපාරය විසින් කෝප් වාර්තාව සහ රාජ්‍ය මුදල් පිළිබඳ මහජන නියෝජිතයාගේ වගකීම මැයෙන් පසුගියදා මහජන සම්මන්ත්‍රණයක් සහ විවෘත සංවාදයක් පැවැත්වින.

කෝප් කමිටු සභාපති පා.ම සුනිල් හඳුන්නෙත්ති, හිටපු විගණකාධිපති සරත් මායාදුන්න, රාවය පුවත්පතේ කර්තෘ කේ.ඩබ් ජනරංජන යන මහත්වරුන් ඊට කථිකයින් වශයෙන් සහභාගීවූ අතර සංවාදය මෙහෙයවනු ලැබුවේ මාර්තු 12 ව්‍යාපාරයේ මෙහෙයුම් කමිටු සාමාජික ප්‍රවීණ මාධ්‍යවේදී ශාන් විජේතුංග මහතා විසිනි.
 
එහිදී හිටපු විගණකාධිපති සරත් මායාදුන්න මහතා පෙන්වාදුන්නේ ප‍්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් කෝප් වාර්තාව තවත් ලියවිල්ලක් පමණක් නොකර නැවත නැවත විවාදයට ගෙන එහි නිර්දේශ කි‍්‍රයාත්මක කිරීමේ තත්ත්වයට පත්කළ යුතු බවයි.
 
එමෙන්ම කෝප් කමිටු සභාපති පා.ම සුනිල් හඳුන්නෙත්ති මහතා පෙන්වාදුන්නේ  අදාළ වාර්තාව කි‍්‍රයාත්මක නොකර පසෙකට දැමීමට නොහැකි වන පරිදි ශක්තිමත් නිර්දේශ කිහිපයක් එහි ඇතුළත් කර ඇති බවයි. 

Related News

Image

Become A Member

Become A Volunteer
Get Involved

Quick links

Image
PAFFREL was established in 1987 by representatives of several national-level civil society organizations.

Address

No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 06, Sri Lanka

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com