මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විධායක ජනපති ක්රපමය අහෝසි නොකර නැවත ජනාධිපතිවරණයක් පැවැත්වුවහොත් පන්ති බලවේගවල පෙළගැසීම මත පදනම්ව පොදු වමක් ලෙස තීන්දුවක් ගෙන ඉදිරි කටයුතු සිදුකරන බව ලංකා ස
Normal 0 false false false EN-US X-NONE TA MicrosoftInternetExplorer4
/* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:\"Table Normal\"; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-qformat:yes; mso-style-parent:\"\"; mso-padding-alt:0in 5.4pt 0in 5.4pt; mso-para-margin-top:0in; mso-para-margin-right:0in; mso-para-margin-bottom:8.0pt; mso-para-margin-left:0in; line-height:107%; mso-pagination:widow-orphan; font-size:11.0pt; font-family:\"Calibri\",\"sans-serif\"; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-fareast-font-family:\"Times New Roman\"; mso-fareast-theme-font:minor-fareast; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin;}
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විධායක ජනපති ක්‍රමය අහෝසි නොකර නැවත ජනාධිපතිවරණයක් පැවැත්වුවහොත් පන්ති බලවේගවල පෙළගැසීම මත පදනම්ව පොදු වමක් ලෙස තීන්දුවක් ගෙන ඉදිරි කටයුතු සිදුකරන බව ලංකා සමසමාජ පක්ෂය අවධාරණය කරයි.
රට තුළ ඇති වී තිබෙන බොහෝ ප්‍රශ්නවලට මූලික හේතුව වී ඇති විධායක ජනපති ධුරය අහෝසි කිරීමට වත්මන් ජනාධිපතිවරයාට ලැබී තිබෙන තුනෙන් දෙකේ බලය යොදාගන්නා ලෙසත්, මහින්ද චින්තනය මගින් ලබාදුන් පොරොන්දුව ඉෂ්ට කරන ලෙසත් එම පක්ෂය ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ අවධානයට ලක්කරයි.
ලංකා සමසමාජ පක්ෂයේ නියෝජ්‍ය ලේකම් අනිල් ද සොයිසා මහතා සඳහන් කළේ තුනෙන් දෙකේ බලය යොදා විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීමට වත්මන් ජනාධිපතිවරයා කටයුතු කරන්නේ නම් පොදු අපේක්ෂකයෙකු වටා විරුද්ධ පක්ෂ පෙළගැසෙන තත්ත්වය නතර කරගත හැකි බවයි. අනාගතයේදී විධායක ජනපති ක්‍රමය අහෝසිකරන බවට එක් එක් පුද්ගලයන් මේ දිනවල ලබාදෙන පොරොන්දු පිළිගැනීමට ලංකා සමසමාජ පක්ෂය සූදානම් නැතැයිද ඒ මහතා කියා සිටියි.

© 2024 People’s Action for Free and Fair Elections (Paffrel)
Design by Vishmitha.com