News

කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන

පසුගිය මාර්තු මස 11 වන දින සිට ශ්‍රී ලංකාව තුළ කොඩිඩ් 19 රෝගය ව්‍යප්ත වීම ආරම්භවීමෙන් පසු, පාර්ලිමේන්තු මහා මැතිවරණය වෙනුවෙන් නාමයෝජනා ලබාදී ඇති අපේක්ෂකයින් හා පක්ෂ විසින් අපේක්ෂකයින් හා දේශ

පසුගිය මාර්තු මස 11 වන දින සිට ශ්‍රී ලංකාව තුළ කොඩිඩ් 19 රෝගය ව්‍යප්ත වීම ආරම්භවීමෙන් පසු, පාර්ලිමේන්තු මහා මැතිවරණය වෙනුවෙන් නාමයෝජනා ලබාදී ඇති අපේක්ෂකයින් හා පක්ෂ විසින් අපේක්ෂකයින් හා දේශපාලන පක්ෂ ප්‍රවර්ධනය වන ආකාරයෙන් භාණ්ඩ හා සේවා ලබාදීමේ සිද්ධීන් සම්බන්ධයෙන් අප වෙත පැමිණිලි ගලා එන්නට විය.

 
ඒ අනුව  පැෆ්රල් සංවිධානය විසින් ඊට අදාලව තොරතුරු එක් රැස්කරන්නට වූ අතර දිස්ත්‍රික් ගණනාවකින්ම නිරන්තරයෙන් ඒ සම්බන්ධයෙන් පැමිණිලි අප වෙත ලැබුණි.
 
පැෆ්රල් සංවිධානයේ දිගු කාලීන නිරීක්ෂකයින් විසින් අපට එම පැමිණිලි ලැබුණු අතර  ජනතාව වෙත වියළි ආහාර බෙදාදීම, ආරක්ෂිත ඇදුම්/මුහුණු ආවරණ බෙදාදීම, පීඩාවට පත් ජනතාව වෙනුවෙන් ලබාදුන් සහනාධාර මුදල් ලබාදීම් වලට සම්බන්ධ ගැටලු, ආහාර පාර්සල් ලබාදීම එම පැමිණිලි අතර ප්‍රමුඛ විය.
 
කොවිඩ් 19 වසංගතය මැඩ පැවැත්වීම වෙනුවෙන් නිසි රාජ්‍ය යාන්ත්‍රණයක් සකස්කොට තිබියදී එම රාජ්‍ය යාන්ත්‍රණය ශක්තිමක් කරමින් ජනතාවට සහන සැලසීමට මැදිහත්වීම පසෙක තබා අපේක්ෂකයින් විසින් තමන් හා පක්ෂය ප්‍රවර්ධනය වන ආකාරයෙන් සිදුකිරීම , විශේෂයෙන්ම මැතිවරණයක් ප්‍රකාශයට පත්කර ඇති මොහොතක එවැනි ආකාරයට කටයුතු කිරීම  ප්‍රජාතන්ත්‍රවාදයට හානිදායක මෙන්ම කිසිසේත් අනුමත කල නොහැක්කකි.
 
 
 
 
 
 

Related News

Image

Become A Member

Become A Volunteer
Get Involved

Quick links

Image
PAFFREL was established in 1987 by representatives of several national-level civil society organizations.

Address

No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 06, Sri Lanka

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com