News

පැෆ්රල් ස.ජ.බ මුණගැසෙයි

පැෆ්රල් සංවිධානය හා සමගි ජන බලවේගය අතර සාකච්ඡාවක් අද (12) කොළඹ 07 ශ්‍රීමත් මාකස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂනායක කාර්යාලයේදී පැවැත්වින.

පැෆ්රල් සංවිධානය හා සමගි ජන බලවේගය අතර සාකච්ඡාවක් අද (12) කොළඹ 07 ශ්‍රීමත් මාකස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂනායක කාර්යාලයේදී පැවැත්වින.

 
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය සංශෝධනය සඳහා වන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට පැෆ්රල් සංවිධානය සිය යෝජනා ලබාදීමට පෙරාතුව දේශපාලන පක්ෂ, විවිධ ක්ෂේත්‍රවල විද්වතුන්, පුරවැසි කණ්ඩායම් හා ආයතන සමගින් පවත්වනු ලබන සාකච්ඡා මාලාවේ එක් සාකච්ඡාවක් වශයෙන් පැවති මෙම සාකච්ඡාවේදී අංශ ගණනාවක් කෙරෙහි අවධානය යොමුවිය.
 
නව මැතිවරණ ක්‍රමයක් ස්ථාපිත කිරීමේදී මැතිවරණය ක්‍රමය කවරාකාර විය යුතුද සම්බන්ධයෙන් පුලුල් අවධානයකට ලක්වූ අතර ජනාධිපතිවරණ, පාර්ලිමේන්තු මැතිවරණ, පළාත් සභා මැතිවරණ හා පළාත් පාලන මැතිවරණ යන සියලු මැතිවරණ කෙරෙහි මෙහිදී සාකච්ඡාවට ලක්විය.
 
රට තුළ මැතිවරණ කැලැන්ඩරයක් පවත්වාගෙන යාම, පක්ෂ ලියාපදිංචිය, සීමානිර්ණය, ප්‍රචාරණ වියදම් සීමාකිරීම, පක්ෂ ප්‍රතිපත්ති ප්‍රකාශන නීතිය අභියෝගයට ලක්කිරීම, පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර සංඛ්‍යාව, සියලු පාලන ආයතනයන්හි සභික සංඛ්‍යාවන් හා කාන්තා  හා තරුණ නියෝජනය ඇතුළු කරුණු කෙරෙහි වැඩි අවධානයක් යොමුවුණු අතර වඩාත් හොඳ මැතිවරණ ක්‍රමයක් ස්ථාපිත කරගැනීමට මෙය අවස්ථාවක් කරගත යුතු බවට ජාතික සමගි බලවේගයේ නියෝජිතයින් මෙහිදී පැවසීය.
 
සමගි ජන බලවේගය නියෝජනය කරමින් එහි මහලේකම් පා.ම රංජිත් මද්දුමබණ්ඩාර, පා.ම රාජිත සේනාරත්න, පා.ම කබීර් හෂීම්, පා.ම වී රාධාක්‍රිෂ්ණන්, පා.ම මනෝ ගනේෂන් හා හිටපු පා.ම නීතීඥ අජිත් පී පෙරේරා යන මහත්වරුන්ද පැෆ්රල් සංවිධානය නියෝජනය කරමින් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි, මහලේකම් ආචාර්ය ජෙහාන් පෙරේරා, උප සභාපති කේ.එන්. ඩීන් හා භාණ්ඩාගාරික ක්‍රිස්ටෝබල් සවරිමුත්තු යන මහත්ම මහත්මීන් මෙම සාකච්ඡාවට සහභාගී විය. 

Related News

Image

Become A Member

Become A Volunteer
Get Involved

Quick links

Image
PAFFREL was established in 1987 by representatives of several national-level civil society organizations.

Address

No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 06, Sri Lanka

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com