News

මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්

මැතිවරණ කොමිෂන් සභාව හා පැෆ්රල් සංවිධානය අතර ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය සංශෝධනය සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් අද (07) පස්වරුවේ මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේදී පැවැත්වින.

මැතිවරණ කොමිෂන් සභාව හා පැෆ්රල් සංවිධානය අතර ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය සංශෝධනය සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් අද (07) පස්වරුවේ මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේදී පැවැත්වින.

මහජන මතය නිවැරදිව පිළිබිඹු වන ආකාරයෙන් මැතිවරණ ක්‍රමය සංශෝධනය විය යුත්තේ කෙසේද? පළාත් පාලනයේ සිට පාර්ලිමේන්තුව දක්වා සැබෑ මහජන නියෝජිතයින්ට නියෝජනයට ඉඩක් තිබෙනවාද? යන්න සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේදී විශේෂ අවධානයට ලක්විය. 
 
එමෙන්ම  ආර්ථික අතින් ශක්තිමත් පුද්ගලයින්ට පමණක් මැතිවරණ නියෝජිතත්වය හිමිවීම සම්බන්ධයෙන්ද මෙහිදී කරුණා සාකච්ඡා කෙරින.
 
තවද සමානුපාතික ක්‍රමයේ හරය ආරක්ෂා වන ආකාරය සම්බන්ධයෙන්ද සාකච්ඡාවට ලක්වූ අතර මැතිවරණ වියදම් සීමාකිරීම, විදෙස්ගත ඡන්දදායකයින්ගේ ඡන්ද අයිතිය ආරක්ෂා කිරීම, ආබාධිත ඡන්දදායකයින්ගේ ඡන්ද අයිතිය තහවුරු විය යුතු ආකාරය සම්බන්ධයෙන්ද මෙහිදී අවධානයට ලක්විය.
 
මෙම සාකච්ඡාව සඳහා පැෆ්රල් සංවිධානය නියෝජනය කරමින් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා,  ජ්‍යෙෂ්ඨ වැඩසටහන් නිලධාරිනී උපේක්ෂි ප්‍රනාන්දු මෙනෙවිය, නීති සම්බන්ධීකාරක ඉසුරු කරවිට හා මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක මංජුල ගජනායක මහතා ඇතුළු පිරිසක් සහභාගීවූ අතර මැතිවරණ කොමිෂන් සභාව නියෝජනය කරමින් එහි සභාපති නීතීඥ නිමල් පුංචිහේවා මහතා ඇතුළු පිරිසක් සහභාගීවූහ.
 

Related News

Image

Become A Member

Become A Volunteer
Get Involved

Quick links

Image
PAFFREL was established in 1987 by representatives of several national-level civil society organizations.

Address

No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 06, Sri Lanka

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com