News

මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් පැෆ්රල් හා ජවිපෙ අතර සාකච්ඡාවක්

පැෆ්රල් සංවිධානය හා ජනතා විමුක්ති පෙරමුණ අතර සාකච්ඡාවක් අද (05) පෙරවරුවේ බත්තරමුල්ල පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණු ප්‍රධාන කාර්යාලයේදී පැවැත්වින.

පැෆ්රල් සංවිධානය හා ජනතා විමුක්ති පෙරමුණ අතර සාකච්ඡාවක් අද (05) පෙරවරුවේ බත්තරමුල්ල පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණු ප්‍රධාන කාර්යාලයේදී පැවැත්වින.

ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය සංශෝධනයට අදාලව මෙහිදී කරුණු සාකච්ඡා කල අතර ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් පා.ම විජිත හේරත් හා හිටපු පා.ම ජවිපෙ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති යන මහත්වරුන් ඊට සහභාගී විය. පැෆ්රල් සංවිධානය නියෝජනය කරමින් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් වන ආචාර්ය ජෙහාන් පෙරේරා, ක්‍රිස්ටෝබල් සවරිමුත්තු, කේ.එන් ඩීන් හා නීති සම්බන්ධීකාරක ඉසුරු කරවිට යන මහත්ම මහත්මීන් සහභාගි වූහ.
 
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය සංශෝධනය සඳහා වන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට පැෆ්රල් සංවිධානය සිය යෝජනා ලබාදීමට මත්තෙන් මේ වන විටත් දේශපාලන පක්ෂ, විවිධ ක්ෂේත්‍රවල විද්වතුන් හා පුරවැසි කණ්ඩායම් සමග සාකච්ඡා ආරම්භකොට ඇති අතර එම සාකච්ඡා මාලාවේ තවත් එක් සාකච්ඡාවක් වශයෙන් මෙම සාකච්ඡාව පැවැත්වින. 
 
සාකච්ඡාවෙන් පසුව මාධ්‍ය ඇමතූ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පෙන්වාදුන්නේ සියලු ජන කණ්ඩායම් වලට සාධාරණ නියෝජනයක් ලැබෙන ආකාරයෙන් මැතිවරණ ක්‍රමයක් සකස් විය යුතු බව සිය විශ්වාසය බවයි. එමෙන්ම එක් දේශපාලන කණ්ඩායමකට හෝ පක්ෂයකට බලය ලබා ගැනීමේ අරමුණෙන් තොරව රටේ අනාගත සුබසිද්ධිය සැලකිල්ලට ගනිමින් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික රාමූන් ආරක්ෂා වන ආකාරයේ මැතිවරණ ක්‍රමයක් සකස් කරන ලෙසට පැෆ්රල් සංවිධානය බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවටද හෙට්ටිආරච්චි මහතා අවධාරණය කර සිටියේය.
 

 

Related News

Image

Become A Member

Become A Volunteer
Get Involved

Quick links

Image
PAFFREL was established in 1987 by representatives of several national-level civil society organizations.

Address

No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 06, Sri Lanka

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com