News

ප්‍රජාතන්ත්‍රවාදය ලැබූ තවත් ජයක් කැටගොඩගේ පෙත්සමට අදාල තීන්දුව කතානයකතුමා පාර්ලිමේන්තුවට ප්‍රකාශ කරයි

පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල “නගර සභා සංශෝධන” නමැති පනත් කෙටුම්පත මගින් හිටපු පළාත් පාලන සභිකයින් නැවත කැඳවීමට එරෙහිව පැෆ්රල් සංවිධානය වෙනුවෙන් එහි විධායක අධ්‍යක්ෂ රෝහණ රෝහණ හෙට්ටිආරච්චි මහතා සහ පාර්ශව කිහිපයක් එක්ව ගොනුකරන ලද නඩුවට අදාලව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් තීන්දුව කතානායකතුමන් විසින් අද (08) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

ජනතා නියෝජිතයින් ජනතාව විසින් ලබාදෙන ලද ධුර කාලය ඉක්මවා කටයුතු කිරීමද මන්ත්‍රීවරයා විසින් අත්තනෝමතික හා ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස කටයුතු කිරීම පිළිබඳවද පැෆ්රල් සංවිධානය දිගින් දිගටම සිය අප්‍රසාදය පලකරන ලදී. පසුගිය ජූලි මස 12 වන දින SC(SD)NO25/2023 අංක දරණ මෙම පෙත්සම ගොනුකරන ලද අතර මෙමගින් වගඋත්තරකරුවන් කර සිටියේ පා.ම ජයන්ත කැටගොඩ මහතා හා නීතිපතිවරයායි. 

මෙම පෙත්සමට අදාල තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ගරු කතානායකතුමන් වෙත යොමුකර තිබූ අතර අද (08) දින කතානායකතුමා ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය පාර්ලිමේන්තුව හමුවේ දැනුම්දෙමින් පවසා සිටියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව  ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන ලද “ප්‍රාදේශීය සභා (සංශෝධන)” “නගර සභා (සංශෝධන)” සහ “මහ නගර සභා (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත් තුනෙහිම  2 වන වගන්තිය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 1, 12(1), 82, 83 සහ 104ආ යන ව්‍යවස්ථාවන්හි විධිවිධානයන්ට අනනුකූල වන බැවින් “ප්‍රාදේශීය සභා (සංශෝධන)” “නගර සභා (සංශෝධන)” සහ “මහ නගර සභා (සංශෝධන)” නමැති මෙම පනත් කෙටුම්පත් තුනම පාර්ලිමේන්තුවේ විශේෂ බහුතර ඡන්දයෙන් සම්මත කර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 ව්‍යවස්ථාවේ විධිවිධාන ප්‍රකාරව, ජනමත විචාරණයක දී ජනතාව විසින් ද අනුමත කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින්  තීරණය කර ඇති බවයි. 

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පැෆ්රල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පෙන්වාදුන්නේ මෙම තීන්දුව මෑත ඉතිහාසයේ ශ්‍රී ලංකාව තුළ ප්‍රජාතන්ත්‍රවාදය අගයන ජනතාව ලද මහඟු ජයග්‍රහණයක්  බවයි. එහෙන්ම  අත්තනෝමතික ලෙස කල්දමා ඇති පළාත් පාලන මැතිවරණය ලබාගැනීමට අදාලව පැෆ්රල් සංවිධානය හා තවත් පාර්ශව එක්ව ගොනුකර ඇති ශ්‍රේෂ්ඨාධිකරණ පෙත්සම් මගින්ද මෙවැනි ජයග්‍රහණයක් ලබාගැනීමට කටයුතු කරන බවටද හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් පැවසීය. එමෙන්ම මෑතකාලීනව දේශපාලනඥයන් සිය බලය තහවුරු කරගැනීම සඳහා පාර්ලිමේන්තුව අවභාවිත කරමින් ප්‍රජාතන්ත්‍රීය අගයන් හෑල්ලු කිරීමෙ ප්‍රවනතාවයක් දක්නට තිබුනද මෙම තීරණය මගින් අවධාරණය කර ඇත්තේ එලෙස දිගින් දිගටම සිදුකල නොහැකි බව යැයිද හෙට්ටිආරච්චි මහතා පෙන්වාදුන්නේය.

 

Related News

Image

Become A Member

Become A Volunteer
Get Involved

Quick links

Image
PAFFREL was established in 1987 by representatives of several national-level civil society organizations.

Address

No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 06, Sri Lanka

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com