Breaking News
** We are excited to announce that our PAFFREL Team has moved to a new location in Kirulapana                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

මොණරාගල මැතිවරණ පෙත්සම 21 යළි විභාගයට

05 June, 2018

පසුගිය පළාත් පාලන මැතිවරණයේදී මොණරාගල ප්‍රාදේශීය සභාව සඳහා තරඟ වැදී ජයගත් අපේක්ෂකයෙකු විසින් සිදුකල මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිද්ධියකට අදාල නඩුව අද  මොණරාගල පළාත්බද මහාධිකරණයේදී විභාගයට ගනු ලැබීය.

අධිකරණය විසින් මැතිවරණ කොමිසමට අද දිනයේදී නොතීසි නිකුත් කල අතර නඩු විභාගය ලබන 21 වන දින දක්වා කල් තබනු ලැබීය.

පැෆ්රල් සංවිධානය හා මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය මෙම නඩුවේ මැදිහත් කාර පාර්ශවයන් වශයෙන්  කටයුතු කරන අතර නඩුව විභාගයට ගන්නා අවස්ථාවට පැෆ්රල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි හා මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක මංජුල ගජනායක යන මහත්වරුන් සහභාගීවිය.

 
fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks