Breaking News
** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      **ප්‍රචාරණ වියදම් සීමාකිරීමට නීතිමය රාමුව ශක්තිමත් කල යුතුයි - රෝහණ හෙට්ටිආරච්චි                     ** ද්විත්ව පුරවැසිභාවය හිමිව ඇත්තේ මන්ත්‍රීනි ගීතාට පමණයි                      ** ද්විත්ව පුරවැසිභාවය හිමිව ඇත්තේ මන්ත්‍රීනි ගීතාට පමණයි                      **අපේක්ෂක ප්‍රචාරක වියදම් සීමාකිරීමේ කෙටුම්පත විෂය බාර අමාත්‍යවරයාට                     **ජනතාවගේ ඡන්ද අයිතිය පැහැරගන්න එපා - පැෆ්රල් අවධාරණය කරයි                     **ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයින් හා පැෆ්රල් අතර සාකච්ඡාවක්                     **මැතිවරණය කල්දැමීමට විවිධා හේතුසාධක දක්වන්න එපා - විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි                      **පීඩාවට පත් දිස්ත්‍රික්කවල ඡන්දහිමි නාමලේඛන ප්‍රතිශෝධන කාලසීමාව දිගු කරයි                     **මන්ත්‍රීවරුන්ගේ පුරවැසිභාවය සෙවීමට පැෆ්රල් වෙතින් තොරතුරු දැනගැනීමේ අයදුම්පත්‍රයක්                      **මන්ත්‍රීවරුන්ගේ ද්විත්ව පුරවැසිභාවය පිළිබඳව සොයාබැලීමට පැෆ්රල් තීරණය කරයි                     **මාර්තු 12 ව්‍යාපාරයේ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනේ පූර්ව සංවිධාන කටයුතු සාර්ථකව                      ** සීමානිර්ණ ගැටලු නොමැති පළාත් පාලන ආයතන මසක් ඇතුළත ගැසට් කරනවා - පැෆ්රල් පෙත්සම හමුවේ අමාත්‍යාං                     **සීමානිර්ණ අභියාචන කමිටු වාර්තාව බාරදෙයි                     **PAFFREL writes to the Commissioner of Elections                     **සීමානිර්ණ කමිටුවේ වාර්තාව බාරගැනීම තවත් ප්‍රමාදවෙයි                     **ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට ගරු කරන්න - පැෆ්රල් සංවිධානය කියයි                     **නව මැතිවරණ ක්‍රමයක් වෙනුවෙන් ගාල්ලෙන් අදහස් රැසක්                     ** නව මැතිවරණ ක්‍රමයකට අදාල අදහස් ලබාගැනීමේ සංවාදමාලාව සාර්ථකව ඉදිරියට                      **සීමානිර්ණ ගැටලු නොමැති පළාත් පාලන ආයතනවල මැතිවරණය පවත්වන්නැයි කොමිසමත් ඉල්ලයි                     **සීමා නීර්ණයේ ගැටලු රහිත පළාත් පාලන ආයතන ගැසට් කිරීමට කටයුතු කරන්න - පැෆ්රල් ඉල්ලයි                      
Home › PAFFREL Community › News

ඉදිරි පළාත් පාලන ඡන්ද විමසීම පිළිබඳ පැෆ්රල් සංවිධානය සහ පොලිස්පතිවරයා අතර හමුවක්

29 December, 2017

ඉදිරි පළාත් පාලන ඡන්ද විමසීම ප්‍රචණ්ඩත්වයෙන් තොරව නිදහස් හා සාධාරණව පවත්වා ගැනීම පිළිබඳව සාකච්ඡා කිරීම වෙනුවෙන් අද පැෆ්රල් සංවිධානය හා පොලිස්පතිවරයා අතර හමුවක් පැවැත්වින.

එහිදී විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා මේ දක්වා කාලය තුළ පොලීසියේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට ස්තූතිය පලකල අතර නාමයෝජනා බාරගනු ලැබූ අවසාන දිනයේදී දේශපාලන පක්ෂ විසින් පෙළපාලි යාම සම්බන්ධයෙන් සොයාබලන ලෙසට පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටින ලදී.

එමෙන්ම මාර්තු 12 ව්‍යාපාරයට ලැබී ඇති දූෂණ චෝදනා එල්ලවී තිබෙන අපේක්ෂකයින් සම්බන්ධ තොරතුරු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා වෙත බාරදුන් අතර එම අපේක්ෂකයින්ට එරෙහිව ඇති චෝදනා සම්බන්ධයෙන් සොයාබැලීමක් සිදුකරන ලෙසටද පැෆ්රල් විධායක අධ්‍යක්ෂවරයා පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටියේය.

තවද පැෆ්රල් සංවිධානය නීර්ක්ෂකයින් යෙදවීම සම්බන්ධයෙන්ද එහිදී අවධානයට ලක්වූ අතර ප්‍රචණ්ඩත්වය අවම කිරීමට පැෆ්රල් සංවිධානයට ලබාදිය හැකි සහය පිළිබඳවද එම කටයුත්ත සාර්ථක කර ගැනීමට පොලීසිය දක්වන සහය පිළිබඳවද අවධානයට ලක්වූ අතර මෙම සාකච්ඡාව සඳහා පැෆ්රල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සමගින් අධ්‍යක්ෂක මණ්ඩලය නියෝජනය කරමින් ආචාර්ය ජෙහාන් පෙරේරා හා කේ.ඩීන් යන මහත්වරුන්ද වැඩසටහන් අධ්‍යක්ෂ ශ්‍රීධරන් සභානායගම් මහතාද සහභාගීවූහ. 
 
fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
12/3, Robert Terrace,Robert Gunawardana Mawatha,
Colombo 6, Sri Lanka.
Tel: 94 11 2514441/ 2 Fax: 94 11 2514443 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks