Breaking News
**මැතිවරණය කල්දැමීමට විවිධා හේතුසාධක දක්වන්න එපා - විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි                      **පීඩාවට පත් දිස්ත්‍රික්කවල ඡන්දහිමි නාමලේඛන ප්‍රතිශෝධන කාලසීමාව දිගු කරයි                     **මන්ත්‍රීවරුන්ගේ පුරවැසිභාවය සෙවීමට පැෆ්රල් වෙතින් තොරතුරු දැනගැනීමේ අයදුම්පත්‍රයක්                      **මන්ත්‍රීවරුන්ගේ ද්විත්ව පුරවැසිභාවය පිළිබඳව සොයාබැලීමට පැෆ්රල් තීරණය කරයි                     **මාර්තු 12 ව්‍යාපාරයේ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනේ පූර්ව සංවිධාන කටයුතු සාර්ථකව                      ** සීමානිර්ණ ගැටලු නොමැති පළාත් පාලන ආයතන මසක් ඇතුළත ගැසට් කරනවා - පැෆ්රල් පෙත්සම හමුවේ අමාත්‍යාං                     **සීමානිර්ණ අභියාචන කමිටු වාර්තාව බාරදෙයි                     **PAFFREL writes to the Commissioner of Elections                     **සීමානිර්ණ කමිටුවේ වාර්තාව බාරගැනීම තවත් ප්‍රමාදවෙයි                     **ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට ගරු කරන්න - පැෆ්රල් සංවිධානය කියයි                     **නව මැතිවරණ ක්‍රමයක් වෙනුවෙන් ගාල්ලෙන් අදහස් රැසක්                     ** නව මැතිවරණ ක්‍රමයකට අදාල අදහස් ලබාගැනීමේ සංවාදමාලාව සාර්ථකව ඉදිරියට                      **සීමානිර්ණ ගැටලු නොමැති පළාත් පාලන ආයතනවල මැතිවරණය පවත්වන්නැයි කොමිසමත් ඉල්ලයි                     **සීමා නීර්ණයේ ගැටලු රහිත පළාත් පාලන ආයතන ගැසට් කිරීමට කටයුතු කරන්න - පැෆ්රල් ඉල්ලයි                      
Home › PAFFREL Community › News

ප්‍රජාතන්ත්‍රවාදය දිවි මෙන් සුරකින්න - නිරීක්ෂණ සංවිධාන කියති

20 June, 2017

යෝජිත පළාත් පාලන මැතිවරණයේ ප්‍රමාදය සම්බන්ධයෙන් වන මාධ්‍යය සාකච්ඡාවක් අද කොළඹ 07 ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වින.

පැෆ්රල්, මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය, කැෆේ, ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා, MFFE ආයතන නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වූ මෙම මාධ්‍යය සාකච්ඡාවේදී ඔවුන් අවධාරණයකොට සිටියේ ප්‍රජාතන්ත්‍රවාදය දිවි මෙන් සුරකින්නෙමැයි සපථ කරන දේශපාලන පක්ෂ නායකයින්ගෙන් ඉල්ලා සිටින බවයි. 

එමෙන්ම මේ මේ මොහොතේ සැබෑ අවශ්‍යතාවය අද දිනයේ පළමු වරට විවාදයට ගන්නා ලද පළාත් පාලන මැතිවරණ සංශෝධන පනත කඩිනමින් සම්මත කිරීම සඳහා සියලු මන්ත්‍රීවරුන් ක්‍රියා කිරීම විනා මැතිවරණ කොමිෂන් සභාවට හෝ මැතිවරණ නිරීක්ෂකයන්ට බැන අඬ ගැසීම නොවන බවටයි ඔවුන් පෙන්වාදුන්නේ.

මැතිවරණ කල් දැමීම ගැන ‘මැතිවරණ කොමිසමට‘ හා මැතිවරණ නිරීක්ෂකයින්ට චෝදනා කොට ඵලක් නොමැති බවත්  මෙතෙක් මැතිවරණ කල් දැමීම ගැන සාධනීය විරෝධයක් කිසිදු දේශපාලන පක්ෂයක් හෝ කණ්ඩායමක් විසින් දක්වා නොමැති බවටත් ඔවුන් එහිදී පෙන්වාදුන්නේය. 

 
fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
12/3, Robert Terrace,Robert Gunawardana Mawatha,
Colombo 6, Sri Lanka.
Tel: 94 11 2514441/ 2 Fax: 94 11 2514443 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks