13 November, 2019
ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයන්හි නිරීක්ෂකයින් පුහුණු කිරීමේ වැඩසටහනක් අද (13) පැවැත්වේ.
දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි ගණන් කිරීමේ මධ්‍යස්ථාන සඳහා මෙම නිරීක්ෂකයින් යෙදවීම අපේක්ෂා කරන අතර ඔවුන්ට මනා පුහුණුවක් ලබාදීම අද දින පුහුණු වැඩසටහනෙහි අපේක්ෂාවයි.
මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු කොමසාරිස් ජනරාල් එම්.එම් මොහොමඩ් මහතා, විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි මහතා, පැෆ්රල් උප සභාපති ඩීන් මහතා මෙන්ම ජාතික සම්බන්ධීකාරක සුජීව ගයනාත් මහතා ඇතුළු පිරිසක් මෙහි සම්පත් දායකයින් වශයෙන් සහභාගීවී සිටිති.