05 September, 2019
මැතිවරණ නිරීක්ෂණ වගකීම් හා ජනාධිපතිවරණයට අදාල නෛතික ප්‍රතිපාදන පිළිබඳව නිරික්ෂකයින් සහ ප්‍රජා නායකයින් දැනුවත් කිරිමේ වැඩ සටහනක් අද (05) මොහොතේ දෙල්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්වේ.
පැෆ්රල් සංවිධානය හා මහනුවර දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය එක්ව මෙම වැඩසටහන සංවිධානය කරනු ලබයි.
මහනුවර දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් නාමල් තලංගම, දෙල්තොට ප්‍රාදේශීය ලේකම් ජයසිංහ, පැෆ්රල් වැඩසටහන් අධ්‍යක්ෂ ශ්‍රීධරන් සභානායගම් හා පැෆ්රල් ජාතික සම්බන්ධීකාරක සුජීව ගයනාත් යන මහත්වරුන් ඇතුළු පිරිසක් මීට එක්ව සිටිති.