Breaking News
** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      **ප්‍රචාරණ වියදම් සීමාකිරීමට නීතිමය රාමුව ශක්තිමත් කල යුතුයි - රෝහණ හෙට්ටිආරච්චි                     ** ද්විත්ව පුරවැසිභාවය හිමිව ඇත්තේ මන්ත්‍රීනි ගීතාට පමණයි                      ** ද්විත්ව පුරවැසිභාවය හිමිව ඇත්තේ මන්ත්‍රීනි ගීතාට පමණයි                      **අපේක්ෂක ප්‍රචාරක වියදම් සීමාකිරීමේ කෙටුම්පත විෂය බාර අමාත්‍යවරයාට                     **ජනතාවගේ ඡන්ද අයිතිය පැහැරගන්න එපා - පැෆ්රල් අවධාරණය කරයි                     **ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයින් හා පැෆ්රල් අතර සාකච්ඡාවක්                     **මැතිවරණය කල්දැමීමට විවිධා හේතුසාධක දක්වන්න එපා - විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි                      **පීඩාවට පත් දිස්ත්‍රික්කවල ඡන්දහිමි නාමලේඛන ප්‍රතිශෝධන කාලසීමාව දිගු කරයි                     **මන්ත්‍රීවරුන්ගේ පුරවැසිභාවය සෙවීමට පැෆ්රල් වෙතින් තොරතුරු දැනගැනීමේ අයදුම්පත්‍රයක්                      **මන්ත්‍රීවරුන්ගේ ද්විත්ව පුරවැසිභාවය පිළිබඳව සොයාබැලීමට පැෆ්රල් තීරණය කරයි                     **මාර්තු 12 ව්‍යාපාරයේ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනේ පූර්ව සංවිධාන කටයුතු සාර්ථකව                      ** සීමානිර්ණ ගැටලු නොමැති පළාත් පාලන ආයතන මසක් ඇතුළත ගැසට් කරනවා - පැෆ්රල් පෙත්සම හමුවේ අමාත්‍යාං                     **සීමානිර්ණ අභියාචන කමිටු වාර්තාව බාරදෙයි                     **PAFFREL writes to the Commissioner of Elections                     **සීමානිර්ණ කමිටුවේ වාර්තාව බාරගැනීම තවත් ප්‍රමාදවෙයි                     **ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට ගරු කරන්න - පැෆ්රල් සංවිධානය කියයි                     **නව මැතිවරණ ක්‍රමයක් වෙනුවෙන් ගාල්ලෙන් අදහස් රැසක්                     ** නව මැතිවරණ ක්‍රමයකට අදාල අදහස් ලබාගැනීමේ සංවාදමාලාව සාර්ථකව ඉදිරියට                      **සීමානිර්ණ ගැටලු නොමැති පළාත් පාලන ආයතනවල මැතිවරණය පවත්වන්නැයි කොමිසමත් ඉල්ලයි                     **සීමා නීර්ණයේ ගැටලු රහිත පළාත් පාලන ආයතන ගැසට් කිරීමට කටයුතු කරන්න - පැෆ්රල් ඉල්ලයි                      
Home › PAFFREL Community › News

මැතිවරණ ක්‍රමය වෙනස්වූ පමණින් සාධාරණ වටපිටාවක් නිර්මාණය වන්නේ නෑ - පැෆ්රල්

14 May, 2018

පසුගිය පළාත් පාලන ඡන්ද විමසීම කොට්ඨාශ ක‍්‍රමයට පැවැත්වීම වියදම් සීමා කිරීමට යහපත්සේ බලපායි යන විශ්වාසය අප තුළ පැවතියද සමහර අපේක්ෂකයන් මිලියන ගණනක මුදල් මැතිවරණ ව්‍යාපාරය සඳහා යොදවමින් ඡන්ද දායකයන්ට අල්ලස් ලබාදීම් වාර්තාවූ බව පැෆ්රල් සංවිධානය පවසයි.

විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතාගේ අත්සනින් පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා වෙත ලිපියක් යොමුකරමින් වැඩිදුරටත් පෙන්වාදී ඇත්තේ පළාත් සභා මැතිවරණයට පෙරාතුව දේශපාලන පක්ෂ හා අපේක්ෂකයින්ගේ ප‍්‍රචාරක වියදම් සීමා කිරීමේ පනත සුදුසු සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කලහොත් මැතිවරණ ක‍්‍රමය වෙනස් කිරීමේ සැබෑ අපේක්ෂාව ඉටුවීම මෙන්ම සමාන භූමියක මැතිවරණ සඳහා තරග වැදීමේ අයිතියද සුරක්ෂිත වනු ඇත.

සම්පූර්ණ ලිපිය පහතින් දැක්වේ.
 



ගරු ෆයිසර් මුස්තාපා මැතිතුමා,                                     
පළාත් සභා, පළාත් පාලන හා ක‍්‍රීඩා අමාත්‍ය,
නො.330,
යූනියන් පෙදෙස,
කොළඹ 02.

ගරු අමාත්‍යතුමනි,

2017 වර්ෂයේදී දේශපාලන පක්ෂ හා අපේක්ෂකයින්ගේ ප‍්‍රචාරක වියදම් සීමා කිරීමේ පනත් කෙටුම්පත

ඔබතුමාගේ ප‍්‍රධානත්වයෙන් පැවති පළාත් පාලන මැතිවරණ ක‍්‍රමය පිළිබඳව කැබිනට් කමිටු රැස්වීමේදී මැතිවරණ ක‍්‍රමය වෙනස් වූ පමණින්ම සාධාරණ වටපිටාවක් නිර්මාණය නොවන බවත් දේශපාලන පක්ෂවල හා අපේක්ෂකයින්ගේ ප‍්‍රචාරක වියදම් සීමා කිරීමේ නීති ගෙන ආ යුතු බවත් අප දැඩිව අවධාරණය කරන ලදී.

එමෙන්ම අදාල රැස්වීමේදී දේශපාලන පක්ෂ වල සහ මැතිවරණ සඳහා තරග වදින අපේක්ෂකයින්ගේ ප‍්‍රචාරක වියදම් සීමා කිරීම සඳහා වූ කෙටුම්පතක් සකස් කිරීමේ වගකීම පැෆ්රල් සංවිධානය විසින් භාරගන්නා ලද අතර, ඉන් අනතුරුව පැෆ්රල් සංවිධානය, මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය සමග ඒකාබද්ධව මැතිවරණ කොමිෂන් සභාවේද සහයෝගය සහ උපදේශකත්වය සහිතව දේශපාලන පක්ෂ වල හා මැතිවරණ නිලධාරීන්ගේ සහ විවිධ ක්ෂේත‍්‍රවල බුද්ධිමතුන්ගේ අදහස් හා යෝජනා සලකා බලා සකස් කරන ලද කෙටුම්පත ඉදිරි කටයුතු සඳහා ඔබතුමා වෙත 2017 අගෝස්තු මස 03 වන දින භාර දෙන ලද අතර එය පාර්ලිමේන්තුවේ ගරු මන්ත්‍රීවරුන් 225 දෙනා වෙතද යොමු කරන ලදී.

පසුගිය පළාත් පාලන ඡන්ද විමසීම කොට්ඨාශ ක‍්‍රමයට පැවැත්වීම වියදම් සීමා කිරීමට යහපත්සේ බලපායි යන විශ්වාසය අප තුළ පැවතියද සමහර අපේක්ෂකයන් මිලියන ගණනක මුදල් මැතිවරණ ව්‍යාපාරය සඳහා යොදවමින් ඡන්ද දායකයන්ට අල්ලස් ලබාදීම් වාර්තා විය.

එබැවින් පළාත් පාලන මැතිවරණයේ අත්දැකීම් සැලකිල්ලට ගනිමින් පළාත් සභා මැතිවරණයට පෙරාතුව මෙම පනත සුදුසු සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කලහොත් මැතිවරණ ක‍්‍රමය වෙනස් කිරීමේ සැබෑ අපේක්ෂාව ඉටුවීම මෙන්ම සමාන භූමියක මැතිවරණ සඳහා තරග වැදීමේ අයිතියද සුරක්ෂිත වනු ඇත.

මේ පිළිබඳව ඔබතුමා දක්වන උනන්දුව බෙහෙවින් අගය කරනු ලබන අතර ඒ සඳහා කඩිනම් ක‍්‍රියා මාර්ගද ගනු ඇතැයි අප අපේක්ෂා කරමු.

මෙයට,
විශ්වාස,


රෝහණ හෙට්ටිආරච්චි
විධායක අධ්‍යක්ෂක

 

fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
12/3, Robert Terrace,Robert Gunawardana Mawatha,
Colombo 6, Sri Lanka.
Tel: 94 11 2514441/ 2 Fax: 94 11 2514443 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks