Breaking News
** ඡන්ද විමසීම අවසන්                     **Voting Ends in Parliamentary Elections                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     **THE “COVID-19 PANDEMIC” IS USED FOR ELECTION PROPAGANDA BY CANDIDATES                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ පාර්ශවයන් අතර සංවාදයක්

26 April, 2018

වර්තමාන මැතිවරණ ක්‍රියාවලිය පිළිබඳ ඊට සම්බන්ධ පාර්ශවයන් අතර සංවාදයක් බත්තරමුල්ල වෝටර්ස් එජ් හීදී පැවැත්වින.

දේශපාලන පක්ෂ නියෝජිතයින්, මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින්, විශ්ව විද්‍යාල ආචාර්යවරුන් හා සිවිල් සංවිධාන නියෝජිතයින් මෙම වැඩසටහන සඳහා එක්ව සිටි අතර පසුගිය පළාත් පාලන ඡන්ද විමසීමේ අත්දැකීම් සැලකිල්ලට ගනිමින් ඉදිරි පළාත් සභා මැතිවරණ ක්‍රමය කෙසේ විය යුතුද යන්න සම්බන්ධයෙන් මෙහිදී පුලුල් වශයෙන් සංවාදයට බඳුන්විය.

එහිදී ඉදිරිපත්වූ යෝජනා සම්බන්ධයෙන් ගැඹුරින් සලකා බලමින් ප්‍රායෝගික තත්ත්වයන්ට ගැලපෙන හා ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික ලක්ෂණ ආරක්ෂාවන මැතිවරණ ක්‍රමයක් යෝජනා කිරීමට විවිධ ක්ෂේත්‍ර වල ප්‍රාමාණික දැනුමක් සහිත විද්වතුන්ගෙන් සමන්විත කමිටුවක් පත්කිරීමටද යෝජනා වූ අතර අවසන් යෝජනාවලිය ඉතා ඉක්මණින් සියලු දේශපාලන පක්ෂ වෙත ලබාදීමටද කටයුතු කරන බව සංවාද මණ්ඩපය මෙහෙයවූ පැෆ්රල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පෙන්වාදුන්නේය.

මෙම වැඩසටහන සඳහා පහසුකම් සැපයීම මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය හා පැෆ්රල් එක්ව සිදුකළේය.
fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks