Breaking News
** ඡන්ද විමසීම අවසන්                     **Voting Ends in Parliamentary Elections                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     **THE “COVID-19 PANDEMIC” IS USED FOR ELECTION PROPAGANDA BY CANDIDATES                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

කාන්තා නායිකාවන් වෙනුවෙන්වූ අනුරාධපුර දෙදින වැඩමුලුව අවසන්

31 July, 2017

ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා තරග වැදීමට අපේක්ෂාවෙන් සිටින දේශපාලන පක්ෂ නියෝජනය කරනු ලබන කාන්තා නායිකාවන් දැනුවත් කිරීමේ දෙදින වැඩමුලුවක් පසුගියදා පැවැත්වින.

පසුගිය 25 හා 26 දෙදින අනුරාධපුර ක්‍රෙස්ටන් පාර්ක් හෝටලයේදී පවත්වන ලද මෙම වැඩමුලුව සඳහා එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, ඒකාබද්ධ විපක්ෂය හා ජාතික හෙළ උරුමය නියෝජනය කරමින් පිරිසක් 30 කට අධික පිරිසක් සහභාගීවිය.

එහිදී පළාත් පාලන ඉතිහාසයේ විකාශනය, පළාත් පාලන ආයතනවල කාර්යභාරය සහ සභික වගකීම් මෙන්ම නව පළාත් පාලන මැතිවරණ පනත හා පිරිසිදු දේශපාලනයක් සදහා කාන්තා දායකත්වය ආදී මාතෘකා පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කරන ලදී.

මෙම වැඩමුලුව සදහා මැතිවරණ කොමිෂන් සභාවේ අතිරේක මැතිවරණ කොමසාරිස් එම්.එම් මොහොමඩ්, අනුරාධපුර අතිරේක මැතිවරණ කොමසාරිස් අසංක රත්නායක, පැෆ්රල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි, වැඩසටහන් අධ්‍යක්ෂ ශ්‍රීධරන් සභානායගම් හා ජාතික සම්බන්ධීකාරක සුජීව ගයනාත් යන මහත්වරුන් සහභාගීවිය.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks