25 July, 2017
කාන්තා නියෝජන කෝටාව කළමණාකරණය හා පළාත් පාලන මැතිවරණයේදී කාන්තා නියෝජනය වැඩිකිරීම සම්බන්ධයෙන් වන වැඩමුලුවක් අද (25) පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්වින.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය කමලා ලියනගේ මහත්මියගේ මෙහෙයවීමෙන් පැවති මෙම වැඩමුලුව සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මෙන්ම පාර්ලිමේන්තුව නියෝජනය කරන මැති ඇමතිවරුන්ද සහභාගීව සිටියහ.
එම වැඩමුලුවේදී දේශන කිහිපයක්ම පැවති අතර පැෆ්රල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතාටද දේශපාලන පක්ෂ අභ්‍යන්තරයේ කාන්තා නියෝජනය සම්බන්ධයෙන් වන දේශනයක් සිදුකිරීමට හිමිව තිබුණි.