Breaking News
** ඡන්ද විමසීම අවසන්                     **Voting Ends in Parliamentary Elections                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     **THE “COVID-19 PANDEMIC” IS USED FOR ELECTION PROPAGANDA BY CANDIDATES                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයින් හා පැෆ්රල් අතර සාකච්ඡාවක්

24 July, 2017

ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයින් හා පැෆ්රල් සංවිධානය අතර සාකච්ඡාවක් අද (24) පැෆ්රල් ආයතනයේදී පැවැත්වින.

පළාත් පාලන මැතිවරණය දිගින් දිගටම ප්‍රමාදවීම හා කාලීන දේශපාලන කරුණු රැසක් සම්බන්ධයෙන් එහිදී අවධානයට යොමුවූ අතර පා.ම ඩලස් අලහප්පෙරුම මහතා එහිදී පෙන්වාදුන්නේ නිරීක්ෂණ සංවිධාන කිහිපයක් සමගින් සිදුකිරීමට නියමිත සාකච්ඡා මාලාවක පළමුවැන්න ලෙස පැෆ්රල් සංවිධානය සමගින් අද දින සාකච්ඡාව සිදුකිරීමට තීරණය කල බවයි.

එමෙන්ම පළාත් පාලන ආයතන විසුරුවා මේ වන විට වසර දෙකකුත් මාස කිහිපයක කාලයක් ඉක්මගොස් ඇති බවත් රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම වෙනුවෙන් පැෆ්රල් සංවිධානය මැතිවරණයට අදාලව අධිකරණයේ ගොනුකල නඩුව සම්බන්ධයෙන්ද ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයින් එහිදී අගය කළහ.

පැෆ්රල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා එහිදී පෙන්වාදුන්නේ මෙම සාකච්ඡා මාලාවේ පළමුවැන්න සඳහා පැෆ්රල් සංවිධානය තෝරාගැනීම සම්බන්ධයෙන් ස්තූතිවන්ත වන බවයි.  

මෙම සාකච්ඡාව සදහා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් පා.ම ඩලස් අලහප්පෙරුම, පා.ම ප්‍රසන්න රණතුංග, පා.ම උදය ගම්මන්පිල, පා.ම වාසුදේව නානායක්කාර, තිස්ස විතාරණ මහත්වරුන් සහභාගීවූ අතර පැෆ්රල් සංවිධානය නියෝජනය කරමින් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි, භාණ්ඩාගාරික ක්‍රිස්ටෝබල් සවරයිමුත්තු, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික එම්.කේ ඩීන් ,පරිපාලන නිලධාරී ඉන්දික ජීවන්දර ඇතුළු මහත්ම මහත්මීන් පිරිසක් සහභාගීවූහ.


 
fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks