Breaking News
** ඡන්ද විමසීම අවසන්                     **Voting Ends in Parliamentary Elections                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     **THE “COVID-19 PANDEMIC” IS USED FOR ELECTION PROPAGANDA BY CANDIDATES                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

සුපිරිසිදු දේශපාලන පුරවැසි මෙහෙයුම ජනපතිතුමන් විසින් අගයයි

21 April, 2017

මාර්තු 12 ව්‍යාපාරය විසින් එළඹෙන පළාත් පාලන මැතිවරණය ඉලක්ක කරගනිමින් සිදුකල සුපිරිසිදු දේශපාලන පුරවැසි මෙහෙයුමේ සමාප්තිය පසුගියදා සනිටුහන් කෙරින.

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති එම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් එක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසූයේ මාර්තු 12 ව්‍යාපාරය ජනතාව දැනුවත් කිරීමට ගත් පියවර තමා අගය කරන බවයි.

එමෙන්ම ශ්‍රී ලංකාවේ මෙන්ම ලෝකයෙම් ජනතාවගේ නිදහස, මානව හිමිකම්, මූලික අයිතිවාසිකම් මුල්කරගත් සටන් පවතින සහ සටන් ජයග‍්‍රහණය කරමින් යන යුගයක, ලෝකයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ නිදහස සදඟා නිදහස් අරගල ව්‍යාපාර තුළින් මතුවන විවිධ අදහස්, සංකල්ප සමාජගත කෙරෙන මාර්තු 12 ව්‍යාපාරය සමග අද එක්වීමට ලැබීම පිළිබදව තමන් සතුටුවන බවයි ජනාධිපතිතුමන් පෙන්වාදුන්නේ.

තවද  මනාප ඡන්ද ක්‍රමයෙන් රටේ දේශපාලන සංස්කෘතියේ බරපතල කඩාවැටීමක් සිදුවූ බවත් දේශපාලනඥයා පිළිබදව සමාජයේ තිබූ බලාපොරොත්තු, අපේක්ෂාවන් සහ ගෞරවය බිදවැටුණේද මනාප ඡන්ද ක්‍රමයෙන් බවත් ජනාධිපතිතුමන් සඳහන්කොට සිටියේය.

මාර්තු 12 ව්‍යාපාරය විසින් සංවිධානය කල මෙම උත්සවය සඳහා කෝට්‌ටේ කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක අතිපූජ්‍ය ඉත්තෑපාන ධම්මාලංකාර නාහිමියන් වහන්සේ ඇතුළු ආගමික නායකයින්ද මැති ඇමතිවරුන් ඇතුළු දේශපාලන පක්ෂ නියෝජිතයින්ද සහභාගීවූ අතර පැෆ්රල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටආරච්චි මහතාද එහිදී අදහස් දැක්වීය.
 
fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks