Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

සීමානිර්ණ අභියාචන කමිටු වාර්තාව බාරදෙයි

18 January, 2017

කොට්ඨාශ සීමානිර්ණ අභියාචනා කමිටු වාර්තාව සියලු සාමාජිකයින්ගේ අත්සන් සහිතව ඊයේ (17) පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා වෙත බාරදීම සිදුකෙරින.

පසුගිය කාලසීමාව තුළදී මෙම සීමානිර්ණ අභියාචනා කමිටු වාර්තාව බාරදීම ප්‍රමාදවීම සම්බන්ධයෙන් විශාල කතිකාවතක් රට තුළ ඇතිව තිබුණු අතර පසුගිය 02 වනදා එම වාර්තාව සාමාජිකයින් තිදෙනෙකුගේ අත්සන් සහිතව බාරදීමට එම කමිටුව කටයුතු කලද අමාත්‍යවරයා සියලු සාමාජිකයින්ගේ අත්සන් රහිතව එය බාරගැනීම ප්‍රතික්ෂේපකොට තිබුණි.

වාර්තාව බාරගැනීමෙන් පසු අමාත්‍යවරයා ප්‍රකාශකොට ඇත්තේ ජනවාරි 31 වන දිනට පෙර එය ගැසට් කිරීමට කටයුතු කරන බවයි. 

එය ගැසට් කිරීමෙන් පසු මැතිවරණ කොමිසමේ සභාපතිවරයා විසින් ඡන්දය පැවැත්වීම සම්බන්ධයෙන් තීරණය කරනු ඇති බවයි අමාත්‍යවරයා එහිදී පෙන්වාදී ඇත්තේ.
fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks