Breaking News
** ඡන්ද විමසීම අවසන්                     **Voting Ends in Parliamentary Elections                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     **THE “COVID-19 PANDEMIC” IS USED FOR ELECTION PROPAGANDA BY CANDIDATES                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

මාර්තු 12 ව්‍යාපාරයේ දෙවන තරුණ කඳවුරත් සාර්ථකව අවසන්

28 November, 2016

තරුණ නායකයින් සවිබලගැන්වීම වෙනුවෙන් මාර්තු 12 ව්‍යාපාරය විසින් සංවිධානය කරන ලද දෙදින කඳවුර ඊයේ (27) සාර්ථකව අවසන් කෙරින.

මෙම කඳවුර සඳහා බදුල්ල,මොණරාගල, රත්නපුර, පුත්තලම, කුරුණෑගල, අනුරාධපුර හා පොළොන්නරුව දිස්ත්‍රික්ක නියෝජනය කරමින්  යොවුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් / මන්ත්‍රීවරියන් රැසක් එක්වූ අතර ඔවුන් මහත් උද්‍යෝගයකින් ඊට සහභාගීවී සිටියහ.

විවිධ දේශන හා සංස්කෘතික අංග ඇතුළු වෙනත් ක්‍රියාකාරකම්ද මෙම කඳවුරේදී සිදුකල අතර සිය කුසලතා සහ දැනුම වර්ධනය කරගැනීමට මාර්තු 12 ව්‍යාපාරය විසින් සිදුකරගෙන යන මෙවැනි දේ මහත් අගය කරන බවයි ඔවුන් පෙන්වාදුන්නේ.

මෙම දෙදින කඳවුරෙහි දේශන සඳහා බදුල්ල දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි, ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය නියෝජනය කරමින් නීතීඥ ජගත් ලියනාරච්චි හා පැෆ්රල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි යන මහත්වරුන් එක්ව සිටියහ.
fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks