Breaking News
** ඡන්ද විමසීම අවසන්                     **Voting Ends in Parliamentary Elections                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     **THE “COVID-19 PANDEMIC” IS USED FOR ELECTION PROPAGANDA BY CANDIDATES                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

නව මැතිවරණ ක්‍රමයක් වෙනුවෙන් ගාල්ලෙන් අදහස් රැසක්

23 November, 2016

පැෆ්රල් සංවිධානය විසින් සිදුකරගෙන යනු ලබන නව මැතිවරණ ක්‍රමයක් වෙනුවෙන් වන අදහස් ලබාගැනීමේ වැඩසටන් මාලාව යටතේ තවත් වැඩසටහනක් ඊයේ (22) ගාල්ල දංගෙදර සමෝදා හෝටලයේදී පැවැත්වින.

පැෆ්රල් ජාතික සම්බන්ධීකාරක සුජීව ගයනාත් හා නීතීඥ ජයන්ත දෙහිඅත්තගේ මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් පැවති එම වැඩසටහන සඳහා ආගමික නායකයින්, විශ්‍රාමික පරිපාලන නිලධාරීන්, සිවිල් සංවිධාන නියෝජිතයින් ඇතුළු පිරිසක් සහභාගීවිය.

එම වැඩසටහනේදී වැදගත් යෝජනා රැසක් ඉදිරිපත්වූ අතර සහභාගීවූවන් පෙන්වාදුන්නේ  මැතිවරණවල ප්‍රචාරක කටයුතු සිදුකිරීමේදී එක් එක් අපේක්ෂකයින් වෙනුවට පක්ෂ විසින් පොදුවේ සිදුකරන ප්‍රචාරක කටයුතු සිදුකිරීම වැදගත් බවයි. 

එමෙන්ම නැවත කැඳවීම සම්බන්ධයෙන් වන යාන්ත්‍රණය ක්‍රමවත් කල යුතු බවත් මන්ත්‍රීවරයෙකුට අදාල අධිකරණමය කටයුතුවලදී නිශ්චිත කාලසීමාවක් තුළ එය අවසන් කිරීමේ ක්‍රමවේදයක්ද සකස්කල යුතු බවයි එහිදී අවධාරණය කෙරුණේ.

තවද කාන්තා නියෝජනය වර්ධනය කිරීමේදී පවතින සාම්ප්‍රදායික පවුල් නියෝජනය වෙනුවට ගම් මට්ටමේ කාන්තාවන් දේශපාලනයට පිවිසීම උනන්දු කරවීම වෙනුවෙන්ද ක්‍රමවේද සැකසිය යුතුව ඇති බවත් සිවිල් සංවිධාන වශයෙන් තමන් සිය සම්පූර්ණ ශක්තිය ඒ වෙනුවෙන් යොදවන බවත් ඊට සහභාගීවූ සිවිල් සංවිධාන නියෝජිතයින් පැවසීය.

මීට අමතරව මැතිවරණ වෙනුවෙන් අපේක්ෂකයින් නාමයෝජනා ලබාදීමේදී වත්කම් බැරකම් ලබාදීම සම්බන්ධයෙන් මීට වඩා අවධානයෙන් කටයුතු කල යුතුව ඇති බවද ඔවුන් පෙන්වාදුන්නේය.




 
fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks