17 November, 2016
ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ සහ මැතිවරණවලට තරඟ කරනු ලබන අපේක්ෂකයන්ගේ ආදායම් සහ වියදම් විනිවිදභාවයකින් යුතුව භාවිත කිරීම උදෙසා කෙටුම්පතක් සකස් කිරීමේ කටයුතු මේ වන විට පැෆ්රල් සංවිධානයේ මූලිකත්වයෙන් සිදුවෙමින් පවතී.
මැතිවරණ ප්‍රචාරක වියදම් සීමාකිරීමේ කෙටුම්පත සැකසීමට අදාලව මේ වන විට මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සමග සාකච්ඡාවක් මේ වන විටත් පැෆ්රල් සංවිධානය විසින් පවත්වා ඇත.
එහි මීළඟ පියවර වශයෙන් සියලුම දේශපාලන පක්ෂ නියෝජනය වන පරිදි නිත්‍ය නියෝජිතයින්ගේ අදහස් ලබාගැනීමේ සාකච්ඡාවක් හෙට (18) දිනයේදී පෙ.ව 9.30 සිට ප.ව 1.30 දක්වා මැතිවරණ දෙපාර්තමේන්තුවේදී පැවැත්වීමට නියමිතය.