16 November, 2016
කෝප් වාර්තාව සහ රාජ්‍ය මුදල් කළමණාකරණය පිළිබඳ මහජන නියෝජිතයාගේ වගකීම මැයෙන් මාර්තු 12 ව්‍යාපාරය විසින් සංවිධානය කරනු ලබන මහජන සම්මන්ත්‍රණය සහ විවෘත සංවාදය අද (16) පස්වරු 3.30 ට කොළඹ නව නගර ශාලාවේදී පැවැත්වේ.
මෙම සම්මන්ත්‍රණය සහ විවෘත සංවාදය සඳහා කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති, හිටපු විගණකාධිපති සරත් මායාදුන්න හා රාවය පුවත්පතේ කර්තෘ කේ.ඩබ්. ජනරංජන යන මහත්වරුන් සහභාගීවීමට නියමිතය.
කෝප් වාර්තාව සම්බන්ධයෙන් මේ දිනවල රට තුළ වඩාත් අවධානයක් යොමුව තිබෙන අතර ඊට සමගාමීව රාජ්‍ය මුදල් කළමණාකරණය පිළිබඳව මහජන නියෝජිතයින්ට ඇති වගකීම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡාවට හා සංවාදයට ලක්කිරීමට නියමිතය.
මෙම වැඩසටහන මෙහෙයවීම ප්‍රවීණ මාධ්‍යවේදී ශාන් විජේතුංග මහතා විසින් සිදුකරනු ලබයි.