Breaking News
** ඡන්ද විමසීම අවසන්                     **Voting Ends in Parliamentary Elections                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     **THE “COVID-19 PANDEMIC” IS USED FOR ELECTION PROPAGANDA BY CANDIDATES                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

රාජ්‍ය සේවා කොමිසම සිය වගකීම පැහැර හරිමින් සිටිනවා - මැතිවරණ නිරීක්ෂකයෝ කියති

30 May, 2016

රාජ්‍ය සේවා කොමිෂන් සභාව සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය වගකීම් පැහැර හරිමින් කටයුතු කරමින් සිටින බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසති.

කොළඹ සමාජයීය හා සාමයික කේන්ද්‍රයේදී  අද පැවති මාධ්‍යය හමුවකට එක්වෙමින් නිරීක්ෂණ සංවිධාන නියෝජිතයින් පෙන්වාදුන්නේ අධිචෝදනාවලට ලක්වූ නිලධාරීන් තනතුරුවල පිහිටුවීම තුළින් රාජ්‍ය සේවා කොමිසමේ විපරම සහ ඇගයීම යන ක්‍රියාවලිය පිළිබද ප්‍රශ්නකාරී තත්ත්වයක් මතුවන බවයි.

ශ්‍රී ලංකා විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවේ හිටපු සභාපති අනූෂ පැල්පිට හා ආර්.කේ රණවක මහත්වරුන්ට නැවත පත්වීම් ලබාදීම ගැටලු සහගත බවද ආයතන සංග්‍රහයේ 27.10 වගන්තියද මෙම පත්වීම් ඔස්සේ උල්ලංඝනයවී ඇති බවයි එම නියෝජිතයින් පෙන්වාදුන්නේ.

මෙම මාධ්‍ය හමුව සඳහා පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි, කැෆේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන්, ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් හි ශාන් විජේතුංග,නිදහස් හා සාධාරණ මැතිවරණ ව්‍යාපාරයේ නීතිඥ සුදර්ශන ගුණවර්ධන සහ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා මධ්‍යස්ථානයේ මංජුල ගජනායක යන මහත්වරු එක්ව සිටියහ
fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks