Breaking News
** ඡන්ද විමසීම අවසන්                     **Voting Ends in Parliamentary Elections                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     **THE “COVID-19 PANDEMIC” IS USED FOR ELECTION PROPAGANDA BY CANDIDATES                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

මාර්තු 12 ව්‍යාපාරයේ සහන සේවා වැඩසටහන සාර්ථකව අවසන්

23 May, 2016

 පැෆ්රල්  හා මාර්තු 12 ව්‍යාපාරය එක්ව සංවිධානය කරන ලද සහන සේවා වැඩසටහන පසුගියදා අරනායක ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් දියත් කෙරෙන.


මෙහිදී කඳවුරු කිහිපයක් වෙත ගිය මාර්තු 12 ව්‍යාපාරයේ නියෝජිත පිරිස දැනට කඳවුරුවල රැඳීසිටින ජනතාව සමග අදහස් හුවමාරු කරගැනීමද සිදුකල අතර එහිදී ඔවුන් පෙන්වාදුන්නේ ඉදිරියේදී සිය ජීවිත ගොඩනගාගැනීම වෙනුවෙන් රටේ සමස්ත ජනතාවගේ සහාය අවශ්‍ය වන බවයි.

මාර්තු 12 ව්‍යාපාරයේ නියෝජිතයින් දැනට කඳවුරු බාරව සිටින නිලධාරීන් සමගද අදහස් හුවමාරු කරගත් අතර ඔවුන් පෙන්වාදුන්නේ මෙවැනි අභියෝගාත්මක අවස්ථාවක මාර්තු 12 ව්‍යාපාරයේ සාධනීය මැදිහත්වීම මහත් සේ අගය කරන බවයි.

එහිදී මාර්තු 12 ව්‍යාපාරයේ නියෝජිතයින් පෙන්වාදුන්නේ ප්‍රථම අදිරයේදී අත්‍යවශ්‍ය භාණ්ඩ ලබාදීම සිදුකරන අතරම දිගුකාලීන ව්‍යාපෘතියක් ලෙස පීඩාවට පත් ජනතාවගේ ජීවිත ගොඩනැගීම වෙනුවෙන් සිය ව්‍යාපාරය අවශ්‍ය මැදිහත්වීම් සිදුකරන බවයි.
 

 

fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks