Breaking News
** ඡන්ද විමසීම අවසන්                     **Voting Ends in Parliamentary Elections                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     **THE “COVID-19 PANDEMIC” IS USED FOR ELECTION PROPAGANDA BY CANDIDATES                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

පිරිසිඳු දේශපාලනයක් සඳහා වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සාමූහිකය පුලුල් කිරීමට අවධානය

05 May, 2016

මාර්තු 12 ව්‍යාපාරය හා පිරිසිඳු දේශපාලනයක් සඳහා වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සාමූහිකය අතර මාසික හමුව ඊයේ (04) පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්වින.

එහිදී කරුණු ගණනාවක් සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡාවූ අතර මාර්තු 12 ව්‍යාපාරයේ නිල වෙබ් අඩවිය වෙනුවෙන් ඇතුළත් කිරීමට අවශ්‍ය වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තොරතුරු ලබාගැනීමේ සම්මුඛ සාකච්ඡා එළඹෙන ජූනි මස සිට සිදුකිරීමට ආරම්භ කිරීමටද එහිදී එකඟවිය.

එමෙන්ම පිරිසිඳු දේශපාලනයක් සඳහා වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සාමූහිකය තවදුරටත් පුලුල් කරගැනීම කෙරෙහිද එහිදී අවධානයට ලක්වූ අතර සාමූහිකයේ සෑම මන්ත්‍රීවරයෙකු විසින්ම එළඹෙන හමුවලදී තවත් මන්ත්‍රීවරයෙකු සමූහය වෙනුවෙන් සහභාගී කරවාගැනීමට ඉඩ ප්‍රස්ථාව ලබාගත යුතු බවටද එහිදී එකඟතාවයට පැමිණෙන ලදී. ඊට අමතරව සමූහයට ඇතුළත්ව නොමැති සියලුම මන්ත්‍රීවරුන්ට විවෘතව සමූහයට එක්වන ලෙසට ආරාධනා කිරීමටද එකඟවූ අතර දැනට මෙම සමූහය තුළ නොමැති පක්ෂවල නායකයින්ට සෘජුව ආමන්ත්‍රණයකොට එම පක්ෂවල මන්ත්‍රීවරුන් ඊට සහභාගීකරවාගැනීමටද අවධානය යොමුවිය.

මීට අමතරව මාර්තු 12 ව්‍යාපාරය විසින්  එළඹෙන පළාත් පාලන මැතිවරණය ඉලක්ක කරගනිමින්  පිරිසිදු දේශපාලනයක් ස්ථාපිත කිරීම වෙනුවෙන් පක්ෂ ක්‍රියාකාරීන් පුහුණු කිරීමේ වැඩසටහන් ලබන ජූනි මස සිට ක්‍රියාත්මක කිරීමටද එහිදී එකඟතාවට පැමිණීම විශේෂත්වයකි.
 
fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks