03 May, 2016
සීමානිර්ණ ගැටලු නොමැති පළාත් පාලන ආයතන ගැසට් කිරීමට කටයුතු කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව විසින් පළාත් පාලන අමාත්‍යාංශ නියෝජිතයින්ට දැනුම්දී ඇති බව වාර්තාවේ.
පසුගියදා මැතිවරණ කොමිසම, නිරීක්ෂණ සංවිධාන හා පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශය අතර පැවැති සාකච්ඡාවකදී මේ බව දැනුම්දී ඇති අතර මැතිවරණ කොමිසම එහිදී පෙන්වාදී ඇත්තේ සීමානිර්ණ ගැටලු විසඳී ඇති පළාත් පාලන ආයතන ඉක්මණින් ගැසට් කිරීමට කටයුතු කරන්නේ නම් එම ආයතනයන්හි මැතිවරණය ඉක්මණින් ප්‍රකාශයට පත්කිරීමට හැකි බවයි.
මැතිවරණ නිරීක්ෂණ සංවිධාන නියෝජිතයින්ද එහිදී මැතිවරණ කොමිසමෙන් ඉල්ලා තිබුණේ දැනට සීමානිර්ණ ගැටලු නොමැති පළාත් පාලන ආයතනයන්හි මැතිවරණය පැවැත්වීම ඉතා ඉක්මණින් සිදුකල යුතුව ඇති බවයි.