Breaking News
** ඡන්ද විමසීම අවසන්                     **Voting Ends in Parliamentary Elections                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     **THE “COVID-19 PANDEMIC” IS USED FOR ELECTION PROPAGANDA BY CANDIDATES                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

නිදහස් හා සාධාරණ මැතිවරණයක් වෙනුවෙන් අපි කැපවෙනවා - පැෆ්රල් විධායක අධ්‍යක්ෂ

22 July, 2015

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට අදාලව පැෆ්රල් සංවිධානය විසින් සංවිධානය කරන ලද පළමු මාධ්‍යය සාකච්ඡාව අද (22) කොළඹ පදනම් ආයතනයේදී පැවැත්වින.

එහිදී අදහස් දැක්වූ පැෆ්රල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පෙන්වාදුනේ මීට පෙර මැතිවරණවලදී මෙන්ම මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදීද පැෆ්රල් සංවිධානය විසින් විධිමත් අයුරින් සමස්ත දිවයිනම ආවරණය වන පරිදි නිරීක්ෂණ කටයුතු සිදුකිරීමට කටයුතු යොදා ඇති බවයි.

එමෙන්ම වෙනත් මැතිවරණවලට සාපේක්ෂව මෙවර මැතිවරණය වෙනුවෙන් සිදුකරනු ලබන නීති විරෝධි ප්‍රචාරණ කටයුතුවල යම් අඩුවක් දක්නට ඇති බවත් රාජ්‍ය දේපළ හා රාජ්‍ය බලය භාවිතා කරන සිද්ධීන් තවමත් වාර්තාවෙමින් පවතින බවත් පෙන්වාදුන් පැෆ්රල් විධායක අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පවසා සිටියේ මැතිවරණ දෙපාර්තමේන්තුවේ හා පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමෙහිලා සාධනීය කාර්යභාරයක් සිදුකරමින් සිටින බවයි. පැෆ්රල් ජාතික සම්බන්ධීකාරක සුජීව ගයනාත් හා පැමිණිලි අංශ ප්‍රධානී ඉසුරු කරවිට යන මහත්වරුන්ද මෙම මාධ්‍යය හමුවට සහභාගීවූහ.

fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks