Breaking News
** ඡන්ද විමසීම අවසන්                     **Voting Ends in Parliamentary Elections                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     **THE “COVID-19 PANDEMIC” IS USED FOR ELECTION PROPAGANDA BY CANDIDATES                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

ඡන්ද ප්‍රතිපල මිනිත්තු අටෙන් මාධ්‍යයට

19 September, 2014

ඡන්ද ප්‍රතිපල මිනිත්තු අටෙන් මාධ්‍යයට

මිත්‍යා මත වල එල්ලි මැතිවරණ ප‍්‍රතිපල ගැන සැක පහළ කර ගැනිම සාධාරණ මැතිවරණයටකට ලොකු බාධාවකියි මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප‍්‍රීය මහතා  අද (19) බදුල්ල මැතිවරණ කාර්යාලයේදී මාධ්‍යෙව්දීන් සමඟ පැවසීය.

‘ප‍්‍රතිපල ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට නිකුත්කරනවා. ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වෙනදා ෆැක්ස් මගින් මාධ්‍ය ආයතන වලට යැව්වා.ඒ ආයතනවල ඉල්ලීම පරිදි ඒගොල්ලා නව තාක්ෂණය ඔස්සේ ඒ ප්‍රතිපල ලබාදෙනවා .

ඒ සමගම  ෆැක්ස් මගිනුත් යවනවා ඊටත් අමතරව වෙබ් අඩවිය ඔස්සේත් ඒ තොරතුරු ලබාදෙනවා ඒක තමයි ක්‍රමය.

ඒක හරියට ලියුමකින් තොරතුරු දන්වා ඊට අමතරව දුරකථනයෙනුත් තොරතුරු දන්වනවා වගෙයි .

කවදාවත් මැතිවරණ කොමසාරිස් ජන්ද ප‍්‍රතිපල හඩනගා කියවලත් නැහැ .අතුරු මැතිවරණයකදි ප‍්‍රථිපල ප‍්‍රවෘත්ති ආයාතනවලට දීලත් නැහැ ඒක අඅපේ වෙබ් අඩවියෙත් අපි දානවා

අපි මුලින්ම කරන්නේ මෙහෙමයි ප‍්‍රතිපල ගණනය කරාට පස්සේ තේරිම්භාර නිලධාරීවරයාට (දිසාපතිවරයාට) ෆැක්ස් කරනවා දිසාපතිවරයාට ෆැක්ස් කර මිනිත්තු තුනකින් අපි ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට දෙනවා ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට දිලා මිනිත්තු පහකින් මැතිවරණ දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට දානවා කාගේ හරි සිතේ සැකයක් තියෙනවානම් ඒක සම්පූර්ණ මිත්‍යාවක් .එය වෙනස් කරයි කියා, කාටවත් හිතෙනවා නම් ගණන් කිරිමේ නියෝජිතයන් ලබාගන්නා ප‍්‍රතිපල එක්ක එකතු කර ඒක  නිවැරැදිද නැද්දැයි බලාගන්න පුළුවන් ‘ මහින්ද දේශප‍්‍රිය මහතා සදහන් කළේය

fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks